Tuesday, May 8, 2012

දිමි මකුලුවා

අපි දැකල තියෙනවා දිමි ගොටු. ඇත්තටම ඒ නිර්මාණ දැක්කම පුදුමත් හිතෙනව මේ පුංචි සත්තුන්ගෙ හැකියාව ගැන. දවසක් මම දැක්ක මේ දිමියෙක්, මකුලුවෙක් වගේ පනිනව. ඒත් ඒ වෙලාවෙ අඳුර නිසා පින්තූරයක් ගන්න හැකියාවක් තිබුන් නැහැ. ඒ වගේම මට විශ්වාසයක් කියල හරියටම තිබුනෙත් නැහැ මේක දිමියෙක්ද නැත්තං මකුළුවෙක්ද කියලත්.

ඊට මාස දෙක තුනකට පස්සෙ මට ආයෙමත් මේ යාළුවෙක් ව මුන ගැහුනා. බලද්දි දිමියෙක් තමයි. හැබැයි මකුළුවෙකුට වගේ මකුළු දැලකුත් තියෙනව. ඉතිං ටිකක්වත් පරක්කු වෙන් නැතුව මං ගත්ත පින්තූරයක් දෙකක්. වෙලාවෙ හැටියට පින්තූර ගත්තෙ ජංගම දුරකථ‍නයේ තියෙන කැමරාවෙන්. වෙලාවත් 5.30 - 6.30 ට විතර ඇති.

































මම නං හිතන්නෙ මුං තමයි දිමි ගොටු වියනව ඇත්තෙ!

ආහ්! කියන්න අමතක උන දෙයක් තියෙනව. මේකා නිකං පරඬලේ වගේ හිටියට හරි ඉක්මං. බොහොම අමාරුවෙං තමයි ඔහොම හරි නා‌‌භිගත (focus) කර ගත්තෙ. එහාට මෙහාට පනිනව හරි ඉක්මනට!

Tuesday, February 28, 2012

දිමි අමුත්තා

ලඟදී දවසක බිම බලද්දි මම දැක්කා ටිකක් අමුතු තාලේ දිමියෙක්. දිමියෙක් වගේ ඒත් ටිකක් අමුතුයි. මේ සතාගෙ නම දන්නව නං කරුණාකර කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්නත් එපා!

Sunday, November 27, 2011

සතා

අද අපේ ගෙදරට ඇවිල්ල හිටිය අමුතු සතෙක්. නම දන්නෙ නෑ. කුරුමිණි ජාතියක් ‍වගේ පේන්නෙ. අහන්නත් අමතක උනා කලබලේට ;-) මෙයාගෙ නම දන්නවනං පොඩි කොමෙන්ටුවක් දාන්න නම සඳහන් කරල.

මෙයාගෙ crop කරපු පින්තූරයක් මේ..



Friday, November 18, 2011

හැට පැන්නත්...


අපි අහල තියෙනව කතාවක් පොඩි දවස් වල හැට පැන්නත් වඳුරෝ බිම ගමන් යන් නෑ කියල. දවසක් මම උදේ වැඩට යනකොට දැක්ක ඒ වගේ දෙයක් හැබැයි වඳුරෙක් නෙවේ. වයසක සීය කෙනෙක්. සීයගෙ වයසත් හැට පැනල කියන එක නං මට සෑහෙන සහතිකයි.














මේ සීය, තනියම අල්ලගෙනයි සෑහෙන දුර ආවෙ ( 1km විතර). පස්සෙ එතන හිටිය මල්ලි කෙනෙක් සීයව අල්ල ගත්ත. අපි මේ වගේ ගියත් සෑහෙන හයියක් ඕනෙ.

සීයගෙ ලොකු කරපු පින්තූරෙ මේං.


Thursday, November 10, 2011

දිමි මඟ

අද උදේ මම තේ කෝප්පෙකුත් හදාගෙන පොඩ්ඩක් වාතාශ්‍රය ලැ‍බෙන්නත් එක්ක ගියා පොඩි රවුමක් මිදුල පැත්තට. යද්දි දිමි රැලක් සූ ගාලා වැඩ. මේ දවස් වල වැස්සත් හරි හරියට තියෙන නිසා මෙරුවොත් තැන තැන බිම වැටිල හතර ගාතෙ දාලා. ඉතින් දිමියොන්ටත් රජ මගුල්! කෑමනෙ! එක වෙලාවකට පොඩි සතෙකුගෙ ඔලුවක්, තව ටිකකින් පිහාට්ටක්, තව ටිකකින් තව මොනව හරි දෙයක් අරගෙන මේ දිමි පෝලිම අපේ ගෙදර තාප්පෙ අයින දිගේ තියෙන තේක්ක ගහකිං තාප්පෙට - තාප්පෙං තේක්ක ගහට මාරු වෙනව. උංගේ ඉතිං ගමන ද්විපථ (duplex) නේ!

මටත් තියෙනව පොඩි අමාරුවක් මේ දිමිත් එක්ක. දිමියෙක් දැක්කොත් ඉතිං මගේ කැමරා ෆෝන් එක එලියට එන එක සාමාන්‍ය දෙයක්. මමත් ටකස් ගාලා කාමරේට දුවං ගිහිං ‍ගෙනාව මහාර්ඝ ෆෝන් එක. ඉතිං මේ දිමි මඟ දිගේ මමත් යනව බල බල. යද්දි දැක්ක හරි අපූරු දර්ශනයක්.

තාප්පෙ තියෙන යකඩ කූරක් හරහා තමයි අපේ යාළුවො රැළ යන්නෙ. තව ටිකක් ලංවෙලා බැලුවාම තමයි දැක්කෙ, ඇත්තටම යකඩ කූරයි, තේක්ක ගහයි අතර දෘඩ සම්බන්ධයක් නැති බව. ඒත් මේ පුංචි සත්තු, තම තමන් එකතු වෙලා ලනුවක් වගේ එකක් හදාගෙන ඒක දිගේ තමයි ගමන් කරන්නෙ. එම දර්ශනය හරිම අපූරුයි කියල මට හිතුන. ඉතිං මම පොඩි පින්තූර දෙක තුනකුයි, චලන පින්තූර (Videos) දෙක තුනකුයි ගත්ත.












































තාම මඟ මග.‍



































දිමි මුඩියේ වැඩ!














එකා මෙන් නිශ්චිත අරමුණකට යන අපූරුව!
 















කොහොම හරි පහත ඇති කොලේට ගොඩ වෙලා හති අරින දිමි!

Wednesday, October 26, 2011

ගමන













ගඟක් සේ ගලා යයි ජීවිතය...
නිසලව ද... විටෙක රළු පරලුව ද...
විටෙක නිමල දිය දහර ද තවිටෙක ගස්, මුල්, ‍කොල ද  සමඟින්...
සොයා නිමක්, ගන්නට සියළු බාධක පරදවා...
වුවත් කොපමන බාධක, නොව සැලී දැඩි ගසක් මෙන් සිටිනා මුල් දරා සිටිනා පො‍ළොවට...
ලැබූ දා සැනසීම, සදා නොවෙනස්ව තිබෙනා...
කියනු මැන ආ යුතු මග කිමැයි මාහට....
මා ද එමි ඔබ ආ මඟින් ඔබ හමුවට....

Saturday, October 15, 2011

දිමි කෙල්ල


සොඳුරු උදෑසන මේ... ඉර අවුවත් පායලා හරි හරියට...
අපිට ඉතිං කොහොමත් වසන්තයනෙ,
අපි මේ කෑම හොයන්න යන ගමන්.. 

කෝ මේ ‍‍දිමි කෙල්ල, ආහ් මේ ඉන්නෙ!
දිමි අන්ඩ හැඩ කර කර...
ලස්සනයි, ලස්සනයි... 
හා හා.. දැං යං....
මදැයි ඔය හැඩ උනා...‍‍‍
කොහොමත් ලස්සනයි මයෙ කෙල්ල,
හැඩ උනත් නැතත්. 
- දිමියා

Followers