Wednesday, December 15, 2010

දිමියාලුවා...


සබඳ නුඹ සවිය විය,
හිත මිතුර විය,
ඉපදුන දා සිට,
යන තෙක් අද ඔබ මා අතහැර...
දිමි අම්මා අපේ,
ආදරෙයි මට මෙන් උඹටත්,
මතකද!?
එදා,
දිමි බත් කෑ හැටි,
දිමි සම්බෝලත් එක්ක බඩ පැලෙනකං...
ඒත් අද,
උඹ,
වෙනම ලෝකෙක...

1 comment:

  1. මම මේ පින්තූරය ගැන අදහස් ටිකක් දක්වන්න අදහස් කලා. ඇත්තටම මම මේ පින්තූරය ගත්තෙ මගේ ජංගම දුරකථනයේ (Nokia 5800) කැම‍රා අංගයක් පරීක්ෂා කරන්නයි (Macro mode). මේ පින්තූරය ගනිද්දි මම මේ දිමියා කරන වැඩේ දැක්කෙත් නැහැ. දිමියව විතරයි ගත්තෙ. ඒත් පින්තූරය අරන් බලනකොට දිමියා තවත් දිමියෙක්වත් (මං හිතන්නෙ ඌ මැරිච්ච එකෙක්) කටින් ඩැහැගන කොහේදෝ අරන් යනව.

    මේක දකිද්දි මට හිතුන දෙයක් තමයි, දිමියගෙ ලෝකය මොන වගේද කියල. ඔයාලා බැලුවොත් පෙනෙයි දිමිය යන්නෙ ගහක කඳක් දිගේ (අඹ ගහක්). ඒ අඹ ගහෙත් තියෙනව දිමියට හරියන ප්‍රමාණයේ මල්. අපිට දිය සෙවෙල කියල දැනෙන්නෙත් අන්න ඒ වගේ ගහේ හැදිච්ච තවත් පුංචි පැලෑටියක්.

    මේ දිමිය මේ තවත් දිමියෙක්ව අරන් කොහෙ යනවද කියල බලන්න මට වෙලාවක් තිබුනෙ නෑ. ඒත් පෙනෙන විදිහටනං දිමියා මේ යන්නෙ එක්කෝ මේ සතාව කොහෙන් හරි තැන්පත් කරන්න, එක්කෝ කොහෙට හරි විසි කරන්න. මොනව කලත් ඌ ඒක හිතලම කරනවා. සමහර විට ඒක උගෙ රාජ‍කාරිය වෙන්න ඇති.

    මොනව උනත් මම මේ පින්තූරය දකින්නෙ දිමියාගේ ඇසින් ලෝකය දකින්න පුළුවන් පින්තූරයක් විදිහට. මේ පින්තූරයේ ලොකු (High resolution) පින්තූරයක් ඕනෙ නම් මෙතන ඒ බව සඳහන් කරන්න.

    ReplyDelete

Followers