Thursday, November 10, 2011

දිමි මඟ

අද උදේ මම තේ කෝප්පෙකුත් හදාගෙන පොඩ්ඩක් වාතාශ්‍රය ලැ‍බෙන්නත් එක්ක ගියා පොඩි රවුමක් මිදුල පැත්තට. යද්දි දිමි රැලක් සූ ගාලා වැඩ. මේ දවස් වල වැස්සත් හරි හරියට තියෙන නිසා මෙරුවොත් තැන තැන බිම වැටිල හතර ගාතෙ දාලා. ඉතින් දිමියොන්ටත් රජ මගුල්! කෑමනෙ! එක වෙලාවකට පොඩි සතෙකුගෙ ඔලුවක්, තව ටිකකින් පිහාට්ටක්, තව ටිකකින් තව මොනව හරි දෙයක් අරගෙන මේ දිමි පෝලිම අපේ ගෙදර තාප්පෙ අයින දිගේ තියෙන තේක්ක ගහකිං තාප්පෙට - තාප්පෙං තේක්ක ගහට මාරු වෙනව. උංගේ ඉතිං ගමන ද්විපථ (duplex) නේ!

මටත් තියෙනව පොඩි අමාරුවක් මේ දිමිත් එක්ක. දිමියෙක් දැක්කොත් ඉතිං මගේ කැමරා ෆෝන් එක එලියට එන එක සාමාන්‍ය දෙයක්. මමත් ටකස් ගාලා කාමරේට දුවං ගිහිං ‍ගෙනාව මහාර්ඝ ෆෝන් එක. ඉතිං මේ දිමි මඟ දිගේ මමත් යනව බල බල. යද්දි දැක්ක හරි අපූරු දර්ශනයක්.

තාප්පෙ තියෙන යකඩ කූරක් හරහා තමයි අපේ යාළුවො රැළ යන්නෙ. තව ටිකක් ලංවෙලා බැලුවාම තමයි දැක්කෙ, ඇත්තටම යකඩ කූරයි, තේක්ක ගහයි අතර දෘඩ සම්බන්ධයක් නැති බව. ඒත් මේ පුංචි සත්තු, තම තමන් එකතු වෙලා ලනුවක් වගේ එකක් හදාගෙන ඒක දිගේ තමයි ගමන් කරන්නෙ. එම දර්ශනය හරිම අපූරුයි කියල මට හිතුන. ඉතිං මම පොඩි පින්තූර දෙක තුනකුයි, චලන පින්තූර (Videos) දෙක තුනකුයි ගත්ත.












































තාම මඟ මග.‍



































දිමි මුඩියේ වැඩ!














එකා මෙන් නිශ්චිත අරමුණකට යන අපූරුව!
 















කොහොම හරි පහත ඇති කොලේට ගොඩ වෙලා හති අරින දිමි!

No comments:

Post a Comment

Followers